හරක් කටා බේරා ගන්න කැබිනට් ඇමතිවරයෙක් දැඩි මෙහෙයුමක

හරක් කටා බේරා ගන්න කැබිනට් ඇමතිවරයෙක් දැඩි මෙහෙයුමක

රටට ටොන් ගණන් මත් කුඩු ගෙන්වීම හා මත්කුඩු ජාවාරම් සම්බන්ධව ඝාතන වැලක් මෙහෙයවමින් සිටිය දී විදේශයක සිට අත් අඩංගුවට ගෙන දිවයිනට ගෙන්වා ගත් කුප්‍රකට පාතාල නායක “හරක් කටා” බේරා ගැනීම සඳහා ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු හා එම ඇමතිවරයාගේ පුත්‍රයා දැඩි මෙහෙයුමක් දියත් කර ඇතිබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් ඇමතිවරයා සමග හරක්කටාගේ සමිප ගනුදෙනුවක් තිබී ඇති බව හෙළිවන්නේ යැයි ද හරක් කටා වෙත ලබා දී ඇති රැඳවුම් නියෝග ඉවත් කරගැනීමට මෙම ඇමතිවරයා විශාල පරිශ්‍රමයක් යොදා ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

සිය වගකීම් සහගත ධූරයත් හෑල්ලු කරමින් මෙම කැබිනට් අමාත්‍යාවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සඳහා බලපෑම් කරමින් සිටින බවත් පැවසේ.

මේ පිය පුතු දෙපළගේ මේ උත්සාහය කැබිනට් අමාත්‍යාවරුන්ද දන්නා බවත් එම ප්‍රයත්නය ඔවුන් අතර ද දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇති බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Share This