බෙහෙත් ගන්න රෝහලට ආ රෝගියෙකුගේ සිරුර කාණුවක

බෙහෙත් ගන්න රෝහලට ආ රෝගියෙකුගේ සිරුර කාණුවක

කළුතර ශීක්ෂණ රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණි රෝගියෙකු කාණුවක වැටී මියගොස් සිටියදී අද (1) උදෑසන හමූවූ බව දකුණු කළුතර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වන මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර කකුලේ ඇති තුවාලයකට බෙහෙත් ලබාගැනීම සඳහා රෝහල වෙත ඇතුළත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මොහු එම රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This