![ලිහිණිවැහැර ප්‍රාථමිකයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනෙකු මත් වී ගහක් යට වැටී ඉඳලා ලිහිණිවැහැර ප්‍රාථමිකයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනෙකු මත් වී ගහක් යට වැටී ඉඳලා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/02/kurunagala.jpg?quality=100&f=auto)
ලිහිණිවැහැර ප්‍රාථමිකයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනෙකු මත් වී ගහක් යට වැටී ඉඳලා
ඉබ්බාගමුව කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී හමු වීමෙන් පසු ඔවුහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බවයි, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කළේ.
රෝහල්ගත කර සිටින සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර, මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැක කරන බව සිදුවීම පිළිබඳ පරීක්ෂණ මෙහෙය වන මදුරාගොඩ පොලිසිය පැවසීය.
කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවට සිසුන් පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළිබඳ සොයා බලන බව පොලිසිය සඳහන් කළේය.