මියන්මාර අත්අඩංගුවේ සිටින මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට වසර 5ක සිරදඬුවමක්

මියන්මාර අත්අඩංගුවේ සිටින මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට වසර 5ක සිරදඬුවමක්

මියන්මාර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබේ.

අත්අඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 දෙනා සඳහා වසර 3 බැගින්වූ සිරදඬුවම් පැනවූ බවයි, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ තානාපතිවරයා මේ වන විට ධීවරයින් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද සඳහන් කළේය.

මියන්මාර මුහුදු සීමා උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරතවීම ‍හේතුවෙන් ධීවර යාත්‍රා දෙකක් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව 15 කි.

අදාළ පිරිස නොවැම්බර් මාසයේ රයන්පුතා හා ලෝරන්ස් යන ධීවර යාත්‍රා මගින් කල්පිටිය හා මීගමුවෙන් ධීවර කටයුතු සඳහා ගොස් තිබුණි.

මියන්මාර රජය මගින් අදාල ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබුණේ, පසුගිය දෙසැම්බර් 2 වැනිදා ය.