රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක්

රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක්

රාජ්‍ය සේවයේ සමස්ත පුරප්පාඩු අතරින් 82%ක්ම පුරප්පාඩුව ඇත්තේ ප්‍රාථමික සහ ද්විතියික මට්ටමේ තනතුරු බවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

ඒ අනුව ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 52,960ක් වන අතර 29,876ක් ද්විතියික මට්ටමේ පුරප්පාඩු වේ.

එවැනි සංඛ්‍යවක් පුරප්පාඩු පැවතියද ප්‍රාථමික මට්ටමේ තනතුරු සඳහා හතළිස්තුන් දහස් හයසිය හතළිස් නවයක් සහ ද්විතියික මට්ටමේ තනතුරු සඳහා එකොළොස් දහස් හයසිය අසූහතරක් ලෙස බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 14%ක්ද, තෘතියික මට්ටමේ තනතුරු 4%ක්ද වශයෙන් පුරප්පාඩු පවතින අතර ඒ සඳහා ද යම් ප්‍රමාණයක් බඳවා ගැනීමට සුදානම් වේ.

ඒ අනුව මෙම බඳවා ගැනීම් සිදු කිරීම සඳහා වන වාර්තාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් සය පුද්ගල කමිටුව මෙම බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා වන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.