බූස්ස බන්ධනාගරයේ රැඳවියෙක් බන්ධනාගාරයේ CCTV 23 ක් කඩා දමලා

බූස්ස බන්ධනාගරයේ රැඳවියෙක් බන්ධනාගාරයේ CCTV 23 ක් කඩා දමලා

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු විසින් බන්ධනාගාරයේ සවිකර තිබු සි.සි.ටී. වී කැමරා 23 ක් කඩාබිඳ දමා ඇති බවට බුස්ස බන්ධනාගාරය මගින් රත්ගම පොලිසියට පැමිණිලිකර ඇත.

මෙම රැඳවියා 32 හැවිරිදිවියේ පසුවන උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මත්කුඩු ජාවාරම් කිරිම හා කප්පම් ලබාගැනීම සම්බන්දයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ විභාගවන නඩු 13ක් ඇති බව පොලිසිය පවසයි.

මෙම රැදවියා පාතාල සාමාජිකයෙකු බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත. හිරු රශ්මිය හා වාතාශ්‍රය ලබාගැනීම සඳහා මොහු රඳවා සිටි කුටියෙන් එළියට ගෙන සිටි අවස්ථාවේ ඔහු තාප්පයක් මතට නැග මොහු සිටි කුටියේ ඇතුළත හා පිටතට සවිකොට තිබු සි.සි.ටි.වී කැමරා 23ක් අතින් පහරදි කඩාදමා ඇතිබවට රත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

රැඳවියා විසින් සි.සි.ටි. වී කැමරා කඩාබිද දැමීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැත.

මොහු කාලයක් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ප්‍රචන්ඩකාරි හැසිරිම හේතුවෙන් ඔහු බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරුකර තිබේ.

පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන රැදවියාගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත.

Share This