කොළඹට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, අනුව හෙට (09) පස්වරු 5.00 සිට අනිද්දා (10) දින පෙරවරු 9.00 දක්වා කාලය තුළ කොළඹ 11.12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, එම මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ සැපයුමේ සිදුකරන අලුත්වැඩියා තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි වාර්තා වුණේ.