බිත්තර පාලන මිල ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

බිත්තර පාලන මිල ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බිත්තර මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මගින් සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 19 වන දින ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.

එහි තවදුරටත් දැක්වුනේ සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක් 920කටත් අලෙවි කළ යතු බවය.