ඥානසාර හිමියන් ට සමාව දෙන්නැයි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ඥානසාර හිමියන් ට සමාව දෙන්නැයි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගිය ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට 2024 මාර්තු 28 වැනිදා වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණි.

සමාජයේ සිදුවන අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට ද ඥානසාර හිමියන් පියවර ගෙන තිබේ.

ඥානසාර හිමියන්ගේ ඇතැම් ක්‍රියාවන් රාජ්‍ය ආරක්ෂක අංශ වලට තීරණාත්මක සහයක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාවේ සමහර අන්තවාදී කණ්ඩායම් පැතිරීම වැළැක්වීමට උපකාරී වුනු බව ඔවුහු පවසති.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීය සමාජය තුළ ඇති විය හැකි අන්තවාදී ගැටුම් කිහිපයක් වළක්වා ගැනීමට හැකි වූ බවද ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එබැවින්. ඥානසාර හිමියන් ට වෙසක් පොහෝ දිනය නිමිති කොට ගෙන ජනාධිපති සමාව ලබා දෙන මෙන් මහනාහිමිවරු ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ.

එම ලිපිය පහතින්