ගිනිඅවි කම්මලක් පවත්වාගෙන ගිය පිය පුතු දෙපලක් අල්ලයි

ගිනිඅවි කම්මලක් පවත්වාගෙන ගිය පිය පුතු දෙපලක් අල්ලයි

කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිණීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමග ඊයේ (29) දහවල් කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වසර කීහිපයක් තිස්සේ විවිධ රටවල රැකියාවන්හි යෙදී සිට යලි මෙරටට පැමිණ මෙම ව්‍යාපාරයේ යෙදුනු බව කියන පිය පුතු දෙපළකි.

බස්නාහිර පළාත් බුද්ධි කොටඨාසයේ පොලිස් සැරයන් 46492 ප්‍රදීප් යන නිලධාරීයාට ලැබුනු තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම ගිනි අවි ඇතුළු කොටස් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ගල්කටස් අවි දෙකක්, තුවක්කු බදවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිපල් දෙකක්, විවිධ අන්දමේ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, එසේ සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, පිරිවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු හා පිහියා කිහිපයක්ද මෙසේ අත්අඩංගුවට ගත් දේපල අතරවේ.

මේවා නිපදවීමට උපයෝගි කරගත් උපකරණ ආදියද පොලිස් බාරයට ගැනීමට කටයුතු කර තිබිණි.

Share This