නිවාස පිරිසිඳු කර ගන්න රුපියල් 10000 ගන්නේ මෙහෙමයි

නිවාස පිරිසිඳු කර ගන්න රුපියල් 10000 ගන්නේ මෙහෙමයි

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති බව ඔහු සඳහන් කළා.

එහි​දී පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් කොඩිප්පිලි මහතා,

“ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා.”