ගංජා ප්‍රවාහනය කළ ඇමති ආරක්ෂක පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

ගංජා ප්‍රවාහනය කළ ඇමති ආරක්ෂක පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

ත්‍රිරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔක්කම්පිටිය නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

මූලික විමර්ශනයක් පවත්වා මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය පරිපාලන කටයුතු භාර පොලිස් අධිකාරීවරයා විසිනි.

වැඩ තහනමට ලක්වූ මෙම පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීරයකුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් යැයි පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

ඔක්කම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Share This