හෙට (03) සහ අනිද්දා (04) දිනවල ඉන්ධන බෙදා හැරීම ගැන දැනුම් දීමක්

හෙට (03) සහ අනිද්දා (04) දිනවල ඉන්ධන බෙදා හැරීම ගැන දැනුම් දීමක්

හෙට (03) සහ අනිද්දා (04) දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා

ඒ අනුව සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

අතිකාල වියදම් අඩු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කටයුතු පසුගිය මාස 4 කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම සහ මිල සංශෝධන මෙන්ම කෝටා වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට හේතු වූ බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ