ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

සියලුම ඉන්ධන වර්ගවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල ඉහළ දැමීත් සමඟ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361 ක්,

පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417 ක්,

ඩීසල් ලීටරයක නව මිල රුපියල් 341 ක්,

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 359 ක්

භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 ක් දක්වා ඉහළ යන බව තෙල් සංස්ථාව පවසයි.