ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින් මිළ අඩු කර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 440කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහත දමා ඇති අතර එහි නව මිල 386කි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 245කි.

ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නැහැ.