පුත්තලමේ කපුටන් රැසක් හදිසියේ මිය යයි

පුත්තලමේ කපුටන් රැසක් හදිසියේ මිය යයි

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මියයමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව, මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.