කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ගැන මෝදිගෙන් චෝදනා

කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ගැන මෝදිගෙන් චෝදනා

කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබෙනවා.

මෙම දූපත සාම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් විසින් අතීතයේ සිට භාවිත කළ බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නමුත් 1974 වසරේ දී ඉන්දු-ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ එම දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය පිළිගත් බව නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබෙනවා.

ඉන්දීය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.