ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ඉල්ලීමක්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දිවයිනේ පළාත් කීපයක පවතින දැඩි නියගය උතුරු ප්‍රදේශයට ද බලපා ඇති අතර මේ වන විට උතුරේ පවුල් 22,666කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන වල නිලධාරීන් පවසන්නේ.

පානිය ජලය සපයා ගැනීමට නොහැකි පළාත් වල ජනතාවට බව්සර් මගින් පානීය ජලය සැපයෙන අතර එම සැපයුම් සදහා ද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජල උල්පත් ළිං හෝ වෙනත් ජල උත්පාදන ස්ථාන නොමැති බවයි ආපදා කලමනාකරණ නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙවැනි වපසරියක පවතින ජලය අරපිරිස්මැන් භාවිතා කරන ලෙසයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීම් කරන්නේ.

Share This