අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටෙයි – තිදෙනෙකු මරුට

අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටෙයි – තිදෙනෙකු මරුට

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඕස්ට්‍රේලියානු ගුවන් සේවයට අයත් මෙම ගුවන්යානය වියානා වෙත පියාසර කරමින් සිටියදී අධි බලැති විදුලි රැහැනක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බව සඳහන් වේ.

ගුවන් යානය කුමන හේතුවක් මත කඩා වැටී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This