බ්‍රිතාන්‍යය “සිනහ වායුව” තහනම් කරයි

බ්‍රිතාන්‍යය “සිනහ වායුව” තහනම් කරයි

බ්‍රිතාන්‍ය රජය විසින් “සිනහ වායුව” ලෙසින් හඳුන්වන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) භාවිත කිරීම තහනම් කර තිබේ.

මෙම වායුව ප්‍රීතිය ඇති කරන නමුත් එමගින් ස්නායු පද්ධතියට හානි කිරීමට හැකියාවක් පවතින බවයි, එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

මේ වන විට මෙම වායුව භාවිත කර සැකසු මත්ද්‍රව්‍ය හේතුවෙන් දිගු කලක සිට පොදු ස්ථානවල පවා සමාජ විරෝධී හැසිරීම් සිදු වන බැවින් එය ප්‍රජාව විනාශ කිරීමට හේතු වන බවයි සඳහන් වන්නේ.

නව තහනම යටතේ, සිනහ වායුව නැවත නැවතත් අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයින්ට දඩ හෝ වසර දෙකක සිර දඬුවමකට යටත් විය හැකි බවත්, එය මත්ද්‍රව්‍ය ගනුදෙනු කිරීමේ දී යොදා ගතහොත් උපරිම සිර දඬුවම වසර 14 දක්වා වැඩි වන බව ද වාර්තා වේ.

Share This