ඉහළ ගිය ජල ගාස්තු නිසා අහාර පාන මිලත් ඉහළට

ඉහළ ගිය ජල ගාස්තු නිසා අහාර පාන මිලත් ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ, ආපනශාලා වල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් කළේය.

සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පමණක් මෙමගින් යම් සහනයක් ලබා දී තිබේ.