ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල ගමන්ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 17,000ක ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතී.

එම තත්ත්වය වර්ධනය විය හැකි අතර, ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.