කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක 08 වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවෙකු මරුට

කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක 08 වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවෙකු මරුට

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 08 වැනි මහලින් වැටී චීන ජාතික සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන අයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි

මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (04) සවස 05ට පමණ ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම චීන ජාතිකයා (24) හැවිරිදි තරුණයෙකි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇත.

Share This