නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නකින් 06දෙනෙකු මරුට

නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නකින් 06දෙනෙකු මරුට

නවසීලන්තයේ නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නවසීලන්තයේ වෙලින්ටන්හි මහල් 4කින් යුත් නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර එහි තවත් පිරිසක් සිරවී සිටිනු ඇති බවට සැක පළකරන බව නවසීලන්ත පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගිනි නිවන භටයින් විසින් ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුව ගිනිගෙන ඇති බව සොයා ගෙන ඇති අතර ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 20ක් පමණ යොදා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා

ගොඩනැගිල්ලට ප්‍රවේශ වන තුරු මරණ සංඛ්‍යාව පිළිබඳව වඩාත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ

ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් පැනීමෙන් පසු පුද්ගලයින් පස් දෙනෙකු පමණ දිවි බේරාගෙන ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.