පිටබැද්දර ගින්නකින් වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන් විනාශයි

පිටබැද්දර ගින්නකින් වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන් විනාශයි

පිටබැද්දර නගරයේ අද අළුයම 01ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අළුයම 03 පමණ වන විට ප්‍රදේශවාසීන්, මාතර ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව සාර්ථකව මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදුව ඇති බවටයි සැක පල කරන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක පල කරයි.