නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය හෙට (12) ඇරඹෙයි

නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය හෙට (12) ඇරඹෙයි

අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය හෙට ආරම්භ ‍වෙයි.

ප්‍රදර්ශනය මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවක් වනු ඇති අතර, ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

 

Share This