මෝටර් රථයක් ඇළකට පෙරළී 4ක් රෝහලට

මෝටර් රථයක් ඇළකට පෙරළී 4ක් රෝහලට

පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා සුඛෝපභෝගී වෑන් රථයක් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල එස් වංගුව ප්‍රදේශ්යේදී අද(24 ) ඇළකට පෙරලී හතර දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු පහක කුඩා දියණියක් ද වන බව පොලීසිය සඳහන් කළේ ය.

පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ සිට කොළඹ බලා එකම පවුලේ පස්දෙනෙකු මෙසේ ගමන් කරනමින් සිටියදී රථය පැදවූ එම පවුලේම රියදුරුට නින්ද යෑමෙන් අධික වේගයෙන් පැමිණි රථය අඩි තිහක් පමණ ප්‍රපාතයේ ඇළකට පෙරළී තිබේ.

Share This