විභාග මධ්‍යස්ථාන තුනක අපේක්ෂකයන් 8ක් සාපෙළ වංචා කරලා

විභාග මධ්‍යස්ථාන තුනක අපේක්ෂකයන් 8ක් සාපෙළ වංචා කරලා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග මධ්‍යස්ථාන තුනක අපෙක්ෂයකින් 7 දෙනෙක් සහ එක් අපේක්ෂිකාවක සිදුකළ වංචා සිද්ධීන් මෙලෙස වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපෙක්ෂිකාවක සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා වට්ස්ඇප් මාර්ගයෙන් පිලිතුරු ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

තවද ගම්පහ හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපෙක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකු සිද්ධිය අනාවරණය කරගෙන ඇත.

සීදුව දිවිසමර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපෙක්ෂකයන් පස් දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේය.

Share This