ඩයනා ගමගේට රටින් පිටවීම තහනම්

ඩයනා ගමගේට රටින් පිටවීම තහනම්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර තිබේ.