ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 2කදී සියලුදෙනා දැවී ලකුණු 116ක් රැස්කර ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් මොහොමඩ් නබී පන්දු 23කදි ලකුණු 23ක් ලබා ගැනීමට සමත් විය. ඊට හතරේ පහර 2ක් ද ඇතුළත් විය.

ඊබ්‍රාහිම් සඩ්රාන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 22කි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

වනිදු හසරංග පන්දුවාර 4යි පන්දු 2කදි කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ලහිරු කුමාර දවා ගත් කඩුළු සංඛ්‍යාව 2කි. මහීෂ් තීක්ෂණ දවා ගත් කඩුළු සංඛ්‍යාව 1කි.

ඒ අනුව, මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිල ලකුණු 117 ක් රැස්කර ගත යුතුව තිබේ.

Share This