සා.පෙළ සිසුන්ට හදිසි ආපදාවක් වුනොත් දැනුම් දෙන්න අංකයක්

සා.පෙළ සිසුන්ට හදිසි ආපදාවක් වුනොත් දැනුම් දෙන්න අංකයක්

අධික වර්ෂාව හෝ වෙනත් හදිසි ආපදාවක් හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයකුට හෝ මධ්‍යස්ථානයකට බාධාවක් ඇති වුවහොත් 117 ක්ෂණික දුරකතන අංකය අමතා දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ දිනයන්හි පවතින කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදාවන් ඇති වීමට ඉඩ ඇති හෙයින් ඒවාට කල්තියා විසඳුම් ලබා ගැනීමට පියවර ගත යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 29 වැනිදා ආරම්භ කළ අතර අනිද්දා (08) අවසන් වේ. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන්ට අයදුම්පත් යොමු කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මඟින් අවස්ථාව ලබා දී ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ මස 15 වැනිදා දක්වා ඊට අවස්ථාව ඇත.

Share This