ඖෂධ වර්ග 60ක මිල 16% කින් පහළට

ඖෂධ වර්ග 60ක මිල 16% කින් පහළට

ඖෂධ මිල ගණන් ලබන 15 වැනි දා සිට 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60 ක මිල ඒ අනුව පහත දමන බවයි.

සෙසු ඖෂධවල මිල ගණනන් ද ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් විෂය භාර ඇමතිවරයාට ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සූදානම් බව ඖෂධ මිල පාලන ඒකකයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ය.