ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාමට පැමිණි ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි

ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාමට පැමිණි ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි

ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාම සඳහා රජ වීදිය පොලිස් මුර කපොල්ලෙන් ඊයේ (18) සවස එම කසළ ලොරිය දැඩි ආරක්ෂක කලාපයට පිවිසීමට සැරසෙද්දී එහි ආරක්ෂක නිලධාරීන් විසින් එම කසල ලොරිය පරීක්ෂාකර ඇත.

සෝදිසි කිරීමේදී එම රියේ පැත්තක එල්ලා තිබූ පොහොර උරයක් තුළ තිබී මෙම හිස් පතුරම්කොපු තොගය හමුව තිබේ.

කසල රථයේ රියදුරු සහ රිය සහයක පවසා ඇත්තේ, නගරයේ යුද හමුදා කඳවුරේ කසල එකතු කිරීමේදී මෙම හිස් පතුරම් කොපු තිබෙන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කසල ලොරියේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීරමහතා විසින් එම හිස් පතුරම් තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට බාර භාරදී තිබේ.