උසස්පෙළ ප්‍රතිපල නිකුත් වන දින ගැන දැනුම් දීමක්

උසස්පෙළ ප්‍රතිපල නිකුත් වන දින ගැන දැනුම් දීමක්

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ මුල නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ (31 වැනිදා) අනාවරණය කළේය.

මෙම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇතැයි ද එහි සඳහන්ය.

පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි.

ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද පෙනී සිටියහ.