සා/පෙළ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

සා/පෙළ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

2023 / 24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා සිට ලබන 15 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 කි.