ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කරයි

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පැවසීය.

ඒ අනුව, ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55 කින්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්, කඩල (ජම්බෝ) කිලෝවක මිල රුපියල් 16 කින්, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක මිල රුපියල් 15 කින්, කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්, පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්, ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් සහ සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින් අඩු කළ බව සතොස සඳහන් කරයි.

එම මිල අඩු කිරීම යටතේ, ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක නව මිල රුපියල් 495 ක් ද, රතු ලූනු කිලෝවක නව මිල රුපියල් 290 ක් ද, කඩල (ජම්බෝ) කිලෝවක නව මිල රුපියල් 494 ක් ද, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, කිරිපිටි ග්‍රෑම් 400 නව මිල රුපියල් 925 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, ආනයනික බිත්තරයක නව මිල රුපියල් 36 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, සෝයා මීට් කිලෝවක නව මිල රුපියල් 593 ක් ද වන බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.