කෙහෙල්බැද්දර පද්මෙගේ ගෝලයෙක් අත්අඩංගුවට

කෙහෙල්බැද්දර පද්මෙගේ ගෝලයෙක් අත්අඩංගුවට

පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයෙකු හෙරොයින් 51g ක්, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඩලීමේ ඒකකය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායි සැගව සිටින අවිශ්ක මදුසංක නොහොත් කිරි කොල්ලා නැමැති සැකකරුගේ අපරාධ සහායෙකු වන නේරංජ ලක්මාල් මුණසිංහ (අවු.44) නැමැත්තෙකු වන අතර මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රැදී සිටි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (අවු. 25) නැමැත්තිය කටුවැල්ලේගම, මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්ද හෙරොයින් 08g 215 mg ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Share This