පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව එම කාරක සභාව පෙන්වා දුන්නේය.

එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) රැස්විය.

නාමයෝජනා අවලංගු කිරීමට මෙසේ අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

තවද, පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරුන් ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ස්ථාන මාරු කිරීම් කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදුවිය.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි ස්ථානගත නොකිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම් නිසිපරිදි සිදුකළ යුතු බවටද අවධාරණය කළ අගමැතිවරයා ඒ අනුව වහාම පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ීමට අනුමැතිය

Share This