දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 22 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 22 වන සිකුරාදා

රාහු කාලය
10:32 am – 12:03 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදෙන අතර ප්‍රීති සාද මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. සතුරන් දමනය වෙයි. විනෝදජනක ක්‍රියා යෙදේ. ස්නායුගත රෝග මතුකරයි.

Date: 2023-09-21

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ශුභවාදී ඵල මතුකරයි. පොදු වැඩ, සමාජ සත්ක්‍රියා ආදියෙහි යෙදේ. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතුවේ.

Date: 2023-09-21

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද ඇතිවෙයි. ප්‍රීති සාද යෙදේ. මිල මුදල් ගනුදෙනුවලදී දුරදිග බලා ක්‍රියාකළ යුතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන කරුණු යෙදේ. ඌෂ්ණ රෝග, සෙම් රෝග මතුවේ.

Date: 2023-09-21

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. තම නිවස උත්සවශ්‍රියාවක් ගෙනදෙයි. නවක මිතුදම් ද ඇතිවෙයි. සතුරු බලපෑම් යටපත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචාරය වෙයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-09-21

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

විනෝදයෙන් දවස ගෙවයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා වැනි දේවලට හේතුයි. වියපැහැදම් අධික වන අතර ණයතුරුස් වීමට ද හේතුයි. හන්දි ප්‍රදාහ රෝග සාදයි.

Date: 2023-09-21

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභ ඵල දෙයි. තුරඟ තරග ජයගනී. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයකි. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-09-21

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ මිශ්‍ර ඵලදායක වෙයි. ප්‍රීති සාද වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් මත ක්‍රියාකරයි. තරමක් මනසට අවිවේකය මතුකරයි. කතාවේදී, ක්‍රියාවේදී දෙවරක් සිතා බැලීම මැනවි. ආමාශගත රෝග මතුවේ.

Date: 2023-09-21

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල දරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර තම අරමුණු ජයගනී. ආගමික වතාවත් ගරුකර ක්‍රියාකරයි. නව යාන වාහන මිලට ගැනීමට විකිණීමකට හේතුයි. ඉදිමුම් රෝග, මුත්‍රා ආසාදන රෝග සාදයි.

Date: 2023-09-21

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර පල දෙයි. සුහදතා වර්ධන ක්‍රියා, පොදු සේවා කටයුතු ආදියෙහි යෙදේ. යටපත්ව තිබූ මිතුදම් වර්ධනය වන කරුණු කාරණා ද යෙදේ. හදිසි ගමන් යෙදේ. මුත්‍රා රෝග, මේහ රෝග මතුකරයි.

Date: 2023-09-21

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

අවිවේකී බව ඇති කරයි. ගමන් බිමන් වලදී ප්‍රවේසම මැනවි. දුරස්ථව තිබූ ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. හදිසි ලාභ ලැබීම් ඇතිවෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2023-09-21

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද සංවිධානයට හෝ සහභාගි වීමට හේතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. සෙම්කෝප රෝග සාදයි.

Date: 2023-09-21

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් බහුල වන අතර නිශ්ඵල වියදම් ඇතිවෙයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. මූල අර්ශස් රෝග වර්ධනය වේ.

Date: 2023-09-21

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This