ගුවන් හමුදා පුහුණු ගුවන්යානයක් කඩා වැටෙයි

ගුවන් හමුදා පුහුණු ගුවන්යානයක් කඩා වැටෙයි

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ.

ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25 ට පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27 ට පමණ ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇත.

අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ වනවිටත් පත්කර ඇති අතර විමර්ෂකයින් මේ වනවිට එම කටයුතු ආරම්භ කර තිබේ.

Share This