අවසන් තීරණයක් ගන්න මැතිවරණ කොමිසම අඟහරුවාදා රැස්වෙයි

අවසන් තීරණයක් ගන්න මැතිවරණ කොමිසම අඟහරුවාදා රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වෙයි.

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම් වලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි, කොමිසම සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ද, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව, කොමිසම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාවක් ලැබෙනු ඇතැයි කොමිසමේ අපේක්ෂාව වී තිබේ.

අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට දින නියම කර ඇත.