අස්වැසුම නව ප්‍රතිලාභීන් තෝරා ගැනීම ගැන දැනුම් දීමක්

අස්වැසුම නව ප්‍රතිලාභීන් තෝරා ගැනීම ගැන දැනුම් දීමක්

අලුතින් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරා ගැනීම සදහා අයදුම්පත් කැඳවීම හෙට (10) ආරම්භ කෙරේ.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශව වලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඇතැම් නිර්නාකය සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර පසුගිය මාසයේ සිට බලපැවැත්වෙන පරිදී ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් පන්දහසක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වා ද රුපියල් 2000ක්ව පැවති වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ද ඉහළ නංවා තිබේ.