DAT දීමනාව ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

DAT දීමනාව ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග අද (19) දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියාසිටියේ, පෙරවරු 11.00 ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

එහිදී තම ගැටලු සඳහා විසඳුමක් නොලැබුණහොත් යළි වැඩවර්ජනයකට එළඹීමට සිදුවන බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35‍,000 ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකකදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුව මත ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබීය.