වාහන ආනයනයට නව ගැසට් පත‍්‍රයක්

වාහන ආනයනයට නව ගැසට් පත‍්‍රයක්

රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ හරහා පොදුවේ වාහන ආනයනය කිරීමට නොහැකි බවත් රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ආනයනය කිරීමට මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

විදේශ ආධාරවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා එම ආධාර යොදාගෙන එම වාහාන ආනයනය කරන බව කී ඒ මහතා එම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21 ක්, සෞඛ්‍ය අමාත්‍යංශයට ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 3 ක් සහ කම්කරු අමාත්‍යාංශයට වාහනයක් ලැබෙන බව ද සඳහන් කළේය.

මෙහිදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට වාහන 3 ක් ආනයන කරන බවත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වාහන තුන හැරෙන්නට සෙසු සියලුම වාහන විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාරවලින් ප්‍රදානයන් බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් පැවසීය.

Share This