ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක්

ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක්

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි දැනගැනීමට සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බව ද එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.