අතුරුදන් වූ කොලොන්නේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

අතුරුදන් වූ කොලොන්නේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

දෙනියායේ බැංකුවකින් මුදල් රැගෙන නිවසට පැමිණෙන බව කියා අතුරුදන්ව සිටි තේ දළු ව්‍යාපාරිකයා නුගේගොඩ දෙල්කඳ ව්‍යාපාරික මිතුරකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

එම මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දෙනියායේ සිට පැමිණි තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර මංජුල මහතාට බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙන ඇති අතර ඔහු බැංකුවෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 10 ක මුදලින් ලක්ෂ තුනක් නැවතත් බැංකු ගත ගත කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කොලොන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේ තේ දළු මිළ දී ගන්නා ප්‍රධාන ව්‍යාපාරිකයා බවත් කිසියම් හේතුවක් හේතුවෙන් ඔහු ණය වීම හේතුවෙන් ඔහු බැංකුවෙන් මුදල් රැගෙන පැමිණෙන විට පැහැර ගත් බවට සමාජයට හැඟවීමට මිතුරාගේ නිවසේ සැඟව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 16 වැනි දින ඔහු නිවසින් පැමිණ ඇතැයි පොලිසිය පවසයි.