වියපත් කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක්

වියපත් කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක්

ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය සිදු විය.

එම අවස්ථාවේදී කලාකරුවන් 20 දෙනෙකු අලුතින් බඳවා ගනු ලැබූ අතර එම විසිදෙනා ඇතුළුව සමස්ත කලාකරුවන් 122 දෙනා සඳහා අප්‍රේල් මස සිට රු. 7,500/- ක දීමනාව රු. 10,000/- දක්වා වැඩිකර මෙම තිළිණ ප්‍රදානය සිදු කර තිබේ .

මෙම අවස්ථාවට ජීවනාධාර හිමි කලාකරුවන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Share This