බිරියගේ මරණයට සැකපිට මාස 10කට පසු සැමියා අත්අඩංගුවට

බිරියගේ මරණයට සැකපිට මාස 10කට පසු සැමියා අත්අඩංගුවට

බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , මාරගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු 2023 අප්‍රේල් 10 දා රාත්‍රි සිය බිරිඳ වන එම් බී කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සදහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

ඇයගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 2023 මැයි මස 7 වන දා මියගොස් ඇති බව පොලිසිය කීය.

ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කල පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරියෙක් පැවසීය.