මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙක්

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙක්

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක අද (10) දිනයේ රාජකාරි භාරගත් බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත.

මෙම නව පත්වීමත් සමග මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ, සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා, සාමාජිකයන් ලෙස එම්. ඒ. පී. සී. පොරේරා, අමීර් මොහොමඩ් ෆායිස්, අනුසුයා ෂන්මුගනාදන් යන මහත්ම මහත්මීන්ය.

Share This