රනිල් ජාතික අපේක්ෂකයා ලෙස ජනපති සටනට

රනිල් ජාතික අපේක්ෂකයා ලෙස ජනපති සටනට

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

ආරංචි මාර්ග වලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයා ලෙස ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට එජාප සහකාර නායක අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කැබිනට් ඇමති හරීන් ප්‍රනාන්දු සහ රුවන් විජේවර්ධන ඇතුළත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (09) එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව රැස් විය.

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරයේ පවත්වා 2025 ජනවාරි මාසයේ දී මහ මැතිවරණය පැවැත්වීමටත් මාර්තුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් නියමිත බව වාර්තා වේ.